කිසිවෙකුට සමකළ නොහැකි ඩඩ්ලිගෙ දේශපාලන දිවිය. 

dudley senanayake

එක්සත් ජාතික පක්ෂය ලංකාවේ ඇති දැවැන්තම පක්ෂයක් වන අතර මෙම පක්ෂය 1946 සැප්තැම්බර් 06 වන දින ආරම්භ කරන ලදි. මෙම පක්ෂයෙහි ආරම්භකයා වන්නෙ D.S.සේනානායක මහතාය.(ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා.)

එක්සත් ජාතික පක්ෂයෙ හිටපු ප්‍රධාන නායකයන් අතර D.S. සේනානායක මහතා සහ ඔහුගෙ පුත් ඩඩ්ලි සේනානායක මහතා ලංකා දේශපාලනයේ කෘතහස්ත චරිත වලින් දෙදෙනෙකි.

ඩඩ්ලි සේනානායක මහතාගෙ දේශපාලනය දෙස හැරි බැලුවහොත් ඔහුගෙ පැවතියේ අන් කිසිදු දේශපාලඥ්ඥයන් සතු නොවු මහත්මා දේශපාලනයකි.එම නිසාම බොහෝමයක් මිනිසුන් ඩඩලිට කැමැත්තක් දක්වන්නටද විය.

විශේෂයෙන්ම එතුමන්ගෙ දේශපාලන ගමනේදි ප්‍රතිවිරුද්ධ අදහස් දැරූ කිසිවෙක් හෝ ඔහුව අතහැර ගියේ නැත.ප්‍රතිවිරුද්ධ අදහස් දැරූ  අය පවා එක්තරා කාලයකදි එතුමා සමඟ එකතු වුනේ බලය ලබා ගන්න නොව එතුමා සතු වු සුවිශේෂි ගතිගුණ නිසාය.

එසේම වර්තමානය වන විට විශ්වවිද්‍යාල පද්ධතිය තුල ශිෂ්‍යයන් දේශපාලන ඉත්තන් කර ගනිමින් විවිධ පක්ෂ ( ජවිපේ,පෙරටුගාමින්) ශිෂ්‍යන්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් කරන ආකාරය අපට දැකිය හැකිය.නමුත් එදා එනම් 1970  වසරේදි ඩඩ්ලිගෙ කාලයේ දි UNP  ශිෂ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කිරිමට තරුණයන් සුදානම් වෙද්දි එදා ඩඩ්ලි කියා සිටියේ

          "පුතාලා දැන් හොඳට ඉගෙනගන්න අධ්‍යාපනය කඩාකප්පල් කරගන්න එපා.විශ්වවිද්‍යාලවලට ගිහින් ආවට පසුව දේශපාලනය කරන්න පුලුවන්,එදාට මම ඔයාලට අවස්ථාව ලබා දෙන්නම් " යනුවෙනි.

එදා ඩඩ්ලි තමන්ගෙ දේශපාලන අරමුනු සදහා ශිෂ්‍යයන් ඉත්තන් කරගන්නට සූදානම් නොවු අවංක නායකයෙකි.

එවගේම ඩඩ්ලිගෙ තවත් සිදුවීමක් ලෙස එදා පාර්ලිමේන්තු විවාදයකදි කතා වුයේ සිංහල භාශා හා විධි විධාන පනත පිළිබඳවය.

මේ පනත ගෙන එන විට කොල්ලුපිටියේ සිට පෙළපාලියක් පාර්ලිමේන්තුව දෙසට පැමිණි අතර මෙහි සටන් පාඨ අතර " ඩඩිලිගෙ බඩේ මසල වඩේ , ගදයි ගඳයි තල තෙල් ගඳයි ඩඩ්ලි ගාව තල තෙල් ගඳයි " වැනි සටන් පාඨ විය.

එතුමා එහිදි පාර්ලිමේන්තුව තුල එදින කල කතාව අදටත් වලංගුය එනම්

"පක්ෂ දේශපාලනයෙන් තොරව විසදිය යුතු ප්‍රශ්න දෙකක් මේ රටේ පවතිනවා.ඉන් එකක් වන්නෙ දෙමළ ජනතාවගේ ප්‍රශ්නයයි.එහි දෙවැන්න ඉන්දියානු පුරවැසි ගැටලුවයි.පක්ෂ දේශපාලනය තුල මේ කරුනු දෙක දෝලනය වනතෙක් ශ්‍රි ලංකාවට කිසිදු විසදුමකට යන්න පුලුවන්කමක් නැහැ.අද මම මේ ආයාචනාය සභාවට කරන්නෙ ජාතීවාදි අරගල තිබෙනතාක් කල් අපට ඉදිරියට යන්න බැහැ.කවුරුන් හෝ මේ ගැටලුව විසදන්නට ඕන.ඕනැම අපහාසයක් මට කරන්න,සෑම අපහාසයක්ම උපහාසයක්ම විදගෙන මේ ප්‍රශ්නය විසඳන්නට මම සූදානම්.මන්ද මා මෙහි සිට යන දින සුතුටින් මට යා හැකි විය යුතුයි.ආර්ථික ප්‍රශ්නවලදි අපි වෙනස් මත දැරුවට කමක් නැත.මේ ජාතික ප්‍රශ්නයේදි අපි විවධාකර අදහස් දැරීම මගෙ සිතට වද දෙන්නක්.ඉතින් සභිකයන් මෙයට කැමැත්ත පළකරනු ඇතැයි මම විශ්වාස කරනවා."

"නමුත් සභාවේ ප්‍රතිචාරය මෙයට හරි විදිහට ලැබුනේ නැත.එද මේ යෝජනාව පරාජය වුනා.ඒ පරාජය වුවාට පසුව ද්‍රවිඩ පක්ෂ නායකයන් පරණ පාර්ලිමේන්තුව යට එකතු වි ඉන්න වෙලාවක මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කර තිබුනේ "දැන් මේක පරාජය වු නිසා හෙට ආණ්ඩුව පරාදයි නේද ඔයාලට එළියට යන්න වෙයි නේද" කියලයි.ඊට ලැබුන පිළිතුර වුයේ

"ඩඩ්ලි කියන්නෙ සිංහල දේශපාලකයන් අතර ඉන්න විශිෂ්ට දේශපාලකයෙක්,හොඳ මනුස්සයෙක්.අපිට ඩඩ්ලි විශ්වාසයි.ඒ නිසා ඩඩ්ලිගෙ ආණ්ඩුව පරදින්න අපි ඉඩ තියන්නෙ නැති බවයි."

                 මේ විදිහට සිංහල දෙමළ මුස්ලිම් කියන හැම ජනකොටසකගේම විශ්වාසය ඩඩ්ලි දිනාගත්තේය.

                                  ඒ වගේම ඔහු තමා මේ රටේ පෝය දිනය නිවාඩු දිනය බවට පත්කලේ.

විශේෂයෙන්ම ඩඩ්ලි යනු ඉතාමත් උපායශීලි මෙන්ම නැණවත් ආකාරයෙන් ප්‍රශ්න වලට මුහුන දුන් ශ්‍රෙෂ්ඨ දේශපාලඥ්ඥයෙකි.බටහිර රටවල් චීනය හුදෙකලා කරපු යුගයක චීන රබර්-සහල් ගිවිසුම අත්සන් කරන්න ගත්ත දැඩි තීරණය අගය කරන්නම ඕන දෙයක්.අනෙක් කාරණය නම් ඩඩ්ලි යනු ඕනෑම මොහොතක තම බලය අතහැර යා හැකි මහත්මාගුණයෙන් හෙබි පුද්ගලයෙකි.

ඩඩ්ලි මහත්තයා තමන්ගෙ බලය අතහැරිමේ ගුනාංගය කිහිපවිටක්ම ප්‍රදර්ශනය කලා.ඉන් එක් අවස්තාවක් නම් එතුමාත් එතුමාගේ පියාත් සමඟ ඇතිවු මත ගැටුමයි.එක අවස්ථාවකදි එතුමා පියාට ලිපියක් ලිව්වෙ මේසේ සටහන් කරමිනි.

"ආදරණිය පියතුමනි ,

                                     අප දෙදෙනා එකම වහලක් යට ජීවත් වන්නෙ,ඔබේ පුත්‍රයා ලෙසින් මෙලෙස කටයුතු කරන්න ලැබීම අපහසු තත්වයක්.ඔබ ඉදිරිපත් කරන සමහර යෝජනාවලට මට එකඟ වෙන්න බැහැ.සමහර වෙලාවලදි මට ඔබට විරුද්ධව කතාකරන්න සිද්ධවුනා.එය අද සිදුවුනා.එය මට ලොකු පීඩනයක්.එහෙයින් මෙම රාජ්‍යමන්ත්‍රණ සභාවෙන් ඉල්ලා අස් වෙන්නට මම තීරණය කළෙමි."

                       පුතුගෙන් ලැබුනු ලිපිය D.S.සේනානායකයන් යැවු පිළිතුර වුයේ

"ඔබ මගෙ පුතා වුවාට ඕනෑම අවස්ථාවක මට විරුද්ධ වීමට ඔබට සම්පූර්ණ නිදහස ඇත.මම ඔබව හදාවඩා ගත්තතේ අධ්‍යාපනය ලබා දුන්නේත් ඔබව ස්වාධීන මිනිසෙකු කිරිම සදහාය.හෘදසාක්ශියට එකඟව කටයුතු කිරිම සදහාය.ඔබ රාජ්‍යමන්ත්‍රණ සභාවේ එලෙසින් එඩිතරව කටයුතු කිරිම මට ආඩම්බරයකි.එය අපේ පිය පුතු සම්බන්ධයට හානි කරන්නක් වන්නෙ නැත." යනුවෙනි.

51 දි D.S සේනානායක මහතා අභාවයන් පසු ඔහු අගමැති ධුරයට පත්වෙනකොට සමහරු චෝදනා කරන්න වුයේ පස්ස දොරෙන් අගමැති වු බව කියමිනි.මේ නිසා එතුමා තීරණය කලේ මැතිවරණයකට යන්නය.එහිදි ඔහු අතිවිශිෂ්ඨ ජයග්‍රහනයක් ලබා අගමැති ධූරයට පත්විය.1952 හර්තාල් වෙලාවේ එක මිනිස් ජීවිතයක් නැති වුන නිසාවෙන් එතුමා ගෙදර යන්න තීරණය කලේ තමා පරාජය  වුවායැයි කියමිනි.මෙය සියලුම නායකයන්ට කළ හැක්කක් නොවේ.

ඩඩ්ලි යනු බෝසත් ගති ඇති නායකයෙකි.මේ පින්බිම සාරවත් වෙන්නනම් තව තවත් ඩඩ්ලිලා බිහිවෙන්න ඕනි. සේනානායක නමටත් ගෞරවයක් වන කෙනෙක්..

Post a Comment

0 Comments