උරුමය අන්සතු වීම හා වලව් ගැන ලියවුන කවි
අප රටේ පුරාන වලව් රැසක්ම විවිධ හේතු නිසා අන්සතු වි තිබිම කනගාටුදායක තත්වයක් වේ. දකණේ සිට මුහුදුබඩ පෙදෙස්වල සිට කන්ද උඩරට රාජධානියේත්, ඌවේ සහ සබරගමුවේත් උතුරු සහ නැගෙනහිර පළාතේත් ඉතා අගනා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති වලව් රැසක් අන් සතු වී තිබිම ඛේදජනක සිද්දියකි.
ඇතැම් වලව් ඒවායේ හිමිකරුවන්ට නඩත්තු කිරීමට අපහසු වු බැවින් විකුණා ඇති අතර, ඇතැම් වලව් ඒ පරම්පරාවලට අයත් නැති ධනවතුන් විසින් අධික මිලට ගෙන ඇත.( වර්තමානයේදි සමාජමාධ්‍ය තුල පැරණි වලව් විකිණිමට දමා තිබිම බහුලව දක්නට ලැබේ. ) මේ අතර තවත් වලව් කිහිපයක් සංචාරක හෝටල් බවට පත් වී ඇත. එංගලන්තයේද වලව් ( Manor Houses ) දැන් දැන් සංචාරක නිවාස බවට පත්වෙන බැව් පෙනේ.
වලව්වල ජීවත් වු මුදලි මුහන්දිරම්වරු රටේ පාලන කටයුතුවලට පමනක් නොව කලාව සහ සාහිත්‍ය සදහාද සිය ශක්ති ප්‍රමානයෙන් දායක විය. ප්‍රදේශයේ සිටි කවියන්ට සහ කිවිදියන්ට මෙන්ම විද්වතුන්ටද මේ වලව් වලින් ලැබුනේ ගෞරවණිය අනුග්‍රහයකි.
ඇතැම් වලව්වල හිටිවන කවි මඬු පවත්වා සිය හිතමිතුරන් හා සතුටු සාමිචියේ යෙදිම ආදි දේවල් වාර්ෂිකව සිදු කෙරුන බවට විවිධ සාක්ෂි ඇත. දකුණු පළාතේ එක්තරා වලව්වකට ප්‍රවීන කවියෙක් සෑම ඉරිදා දිනකම එන්නෙ එහි විසූ මුදලිදු සමඟ සතුටු සාමීචියෙන් මීවිත තොලගා රස කවියක් දෙකක් කියා සතුටු වීමටය. ඒ මුදලිවරයාද ප්‍රවිණ කවියෙකි. මුදලිවරයා සමග කවියා එක්වි මදුවිත තොලගෑම ගැන මුදලිදුගේ බිරිඳට තිබුනේ අප්‍රසාදයකි.
කවියා නිවසට පැමිණෙන විට වලව්වේ හාන්සි පුටුවක දිගා වී දෙකකුල් පුටු ඇන්දේ තබා ගෙන ම සිටි ළමාතැනි කවියා දෙස නොබලා නොසැලකිල්ලෙන් සිටියා ය. මේ හැසිරිමෙන් ෝපයට පත් කවියා තරමක් ශබ්ද නගා මේ කවිය කිවේය.
මැටි තුඹසක් තිබුණි මී මැස්සන් රිංගු
ඒ අසල නයි රජෙක් ඇත ජය දද නැංගු
සොබාවට ගොසින් උඩරට සේ වංගු
වලව්වේ හාමු ගේ ඇත කෝ වංගු
මේ කවිය ඇසිමෙන් ලැජ්ජාවට පත්වු මුදලිවරයා ආලින්දයේ හාන්සි පුටුවේ වාඩිවීම සිය බිරිඳට තහනම් කළේය.
පානම නිල්ගල මහවලව්වේ ඇතා මඳ කිපි ඇති අවස්ථාවක ඌට බුද්ධ මන්ත්‍රයක් ජප කිරිමට පැමිණි හිමි නමකට එහි කටකාර ඇත්ගොව්වා මෙසේ කවියක් කීවේය.
දිවුල් ගහක් එක පහරින් ගැලෙව්වේ
ඇතෙක් සිටි අද නිල්ගල වලව්වේ
ඌට විසේ හැදිලා පලහිලව්වේ
දුවපන් සාදු බණ නොකියා ඉලව්වේ
මේ වැනි කවි රාශියක් අපිට වලව් සංස්කෘතිය ඇසුරින් ගත හැකිය. මේ කවි දැක ඉදිරිපත් කලේ එකල තිබු වලව් කලා සංස්කෘතිය පිලිබදව යම් ආකාරයේ දැනුමක් ලබා දීමටය.
ශ්‍රි ලංකාවේ රදලවරු එදා ගත කළ කෙළිලොල් සමාජශිලි ජීවිතය වත්මන් දේශපාලඥයින් ගේ ජීවින රටාවට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. ඔවුහු හුදු ආටෝපයෙන් තොර ජීවිත කැපවීමෙන් සමාජයට සේවය කළ බුද්ධිමත් පිරිසක් ලෙස හැදින්වීම සාධාරණය. කිසියම් රටක පැරණි අතීතයක් ඇති ප්‍රභූ සමාජයක් නැත්නම් එය හරියට මැණික් ගලක් නැති මුද්දක් හා සමානය. එනම් අනාකර්ෂණිය සමාජයක් වනු ඇත. ඉන්දියාවේ රාජ්පුත්වරුන්ගේ මන්දිර, එක්සත් රාජධානියේ ප්‍රභූමන්දිර ආදි ඉපැරණි වාසස්ථාන ඒ රටවල ශ්‍රේෂ්ඨ ජාතික උරුමයන් ලෙස මුලු ලොවම පිලිගෙන ඇත. එසේම ශ්‍රි ලංකාවේ පැරණි වලව් එහි ගෘහ නිර්මාණ ශිල්පය , ගෘහ භාණ්ඩ ආදිය විදේශිකයන්ගේ ද සිත් ඇදගන්නා බැව් සත්‍යයකි.
සංචාරකයින්ගේ සිත් ඇද ගැනිම පිණිස සමහර හෝටල් ද " වලව්ව" යනුවෙන් අලුතින් නම් කර ඇත. එමෙන්ම කවිච්චි, කැටයම් කළ පුටු, මේස, අල්මාරි ආදිය ඇතැම් සංචාරක නිවාස තුල තබා ඇත.

0 Comments