ලංකාවේ ප්‍රථම සිංහල ඉඩම් කොමසාරිස් වුයේද සී.එල්. වික්‍රමසිංහය. සී.එල් ඉඩම් කොමසාරිස් කළේද කෘෂිකර්ම ඇමති ඩී.එස් විසිනි. සී.එල්. විවාහ වුයේ කුරුණෑගල මුණමලේ වලව්වෙනි. ඔවුන්ට දරුවන් සිව්දෙනෙකි. එස්මන්ඩ් සහ ලක්ෂ්මන් ඒ අතරින් කැපිපෙණිනි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත්ව ඉතිහාසය පිළිබදව ගෞරව උපාධිය ලද එස්මන්ඩ් පසුව නීතිවේදියකුද වුයේය. විශ්වවිද්‍යාල ජිවිතයේදි ල.ස.ස.ප.යට බැදුණු ඔහු පක්ෂයේ දේශපාලන මණ්ඩලය දක්වාම ඉහලට නැංගේය. ලක්ෂ්මන් වික්‍රමසිංහ බිශෝප්වරයෙකු වු අතර සිංහලයන් අතර ක්‍රිස්තියානි ආගම ජනප්‍රිය කරවීමේ පුරෝගාමියා බවටද පත්විය. ඔවුන්ගේ නැඟනිය විවහ වුයේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයෙකු වු සෑම් විජේසිංහ සමඟය.
මෙම පවුල් පරිසරය ඉතාමත් නොගැලෙන ලෙස දක්නට ලැබිය, එනම් දේශපාලනික වශයෙන්. පියා ඩී.එස් සේනානායක සමඟත්, පුතා සම සමාජය සමගත් කටයුතු කරන බැවිනි. එස්මන්ඩ් කම්කරු සටන් උද්ගෝෂනවල පෙරමුණගත් අතර පවුල තුල නාහෙට නාහන ස්වරූපයක් පෙන්නුම් කලේය. එහෙත් සමසමාජයේ එන්.එම්ලා නොදත් යමක් සිදුවෙමින් තිබිණ. එනම් එස්මන්ඩ් විශ්වවිද්‍යාලයේ සිටින අතරතුර ඩී.ආර්. විජයවර්ධන පවුලේ වැඩිමහල් දියණිය වු නාලනි සමඟ ප්‍රේමයෙන් පසුවීමයි. ඩී.ආර්. විජයවර්ධනගේ ලේක්හවුස් පත්තරය වාමාංශික ව්‍යාපාරයට තදින් පහර එල්ල කරද්දි ලසසප දේශපාලන මණ්ඩල සාමාජිකයකු සමඟ ප්‍රේමසබඳතාවක් පැවැත්වීම බරපතල ගැටලු සහගත තත්වයක් මතු කලේය. එන්.එම් සහ කොල්වින් සිතුවේ එස්මන්ඩ්ගේ සහ නාලනිගේ විවාහයෙන් ලේක්හවුස් පත්තර සමසමාජයට හිතවත් තැනකට පත්වනු ඇත කියාය. එහෙත් ඔවුන්ගේ විවහයෙන් ඉක්බිති වුයේ එස්මන්ඩ් වික්‍රමසිංහ විජයවර්ධන දර්ෂනයට නැඹුරු වීමයි. එහි අනෙක් පැත්තෙන් මේ එකතුවට පොහොර වැටුනේ ඩී.ආර් විජයවර්ධන පවුලේ බෑනා වු ජේ.ආර්. ජයවර්ධනගෙනි. කතාව වර්තමානයට දිග් ගැසෙන්නෙ එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලනි විජයවර්ධනගේ පුත්‍රයා රනිල් වික්‍රමසිංහ විමෙනි. අවසානයේ මේ සියල්ලෝම එකම පවුල් ගසක අතු ඉති වෙති.
සමසමාජයෙන් දේශපාලනයට පිවිසි එස්මන්ඩ් පසුව දකුණු අන්තයට ගොස් එජාපය බලයට ගෙන එන සුක්කානම හසුරුවන්නා බවට පත්විය. 1960 දි සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව බිඳ දමන්නට තිරය පිටුපස සිට නූල් සූත්තර දැම්මේ එස්මන්ඩ්ය. සභානායක සී.පී. ද සිල්වා ඇතුලු පිරිස විපක්ෂයට බිලිබා ගැනීමටද එස්මන්ඩ් වික්‍රමසිංහගේ හපන්කමකි. එයට අනුභුතිය වශයෙන් යොදාගත්තේ ලේක්හවුසියට විරුද්ධව ආණ්ඩුව ගෙනා පුවත්පත් පනතය.
1965 එජාප ආණ්ඩුව පිහිටුවන කැබිනට් මණ්ඩලය හැදුවේත් එස්මන්ඩ්ගේ නිවසේ සිටය. අගමැති ඩඩ්ලි සේනානායක එදා යෝජනා කලේ එස්මන්ඩ් වික්‍රමසිංහ සෙනෙට් සභාවට ගෙන විදේශ ඇමති තනතුර දෙන්නටය. එහෙත් එය සිදුනොවීය. නමුත් ඩඩ්ලි, එස්මන්ඩ්ව දිගටම ආණ්ඩුවේ පක්ෂ ලේකම්වරුන්ගේ කමිටුවේ ලේකම් තනතුරේ තියාගත්තේය. කොටින්ම කියනවානම් 1965 හත් හවුලේ පක්ෂ හත එකට බැඳ තබාගෙන ආණ්ඩුවේ අවුරුදු පහම තියාගත්තෙ රනිල් වික්‍රමසිංහගේ තාත්තාය. ගුවන් විදුලියේ ප්‍රවෘත්ති ප්‍රචාරයේ ආරම්භක වාදනයේ තනුව " එන්.එම්.ට පුලුවන්ද හත් හවුල පෙරලන්න" යනුවෙන් එකල එජාප පාක්ෂිකයෝ වෙනස් කොට ගායනය කරන්නට පුරුදුව සිටියහ.
![]() |
| Esmond Wickramasinghe |
.jpeg)
0 Comments