ජේ.ආර්.ට සහ රන්ජන්ට පහර දෙන්න ගිය අළුවිහාරේ

 

 
රන්ජන් විජේරත්න වතු පාලකයෙකු වශයෙන් සිටින අවධියේ තමන්ගෙ පුතකු සහකාර වතු අධිකාරවරයෙකු ලෙස සේවය කළ බවත් ඔහු සේවය කල වත්තෙ වු සොරකම් කිහිපයක් හසුකර දීම නිසා පුත්‍රයාගෙ වැඩ තහනම් කළ බවත් එය අසාධාරණයක් බැවින් එය ජේ.ආර්. ජයවර්ධනට පැවසීමට ගොස් තිබේ. 

ජේ.ආර්. හමුවි ඇලික් පවසා ඇත්තෙ තමන්ගෙ දරුවන් සොරකම් නොකරන බවත් එබැවින් පුත්‍රයාගේ වැඩ තහනම අසාධාරනයක් නිසා ඊට සාධාරණය ඉටු කර තීන්දුවක් දෙන තුරු තමන් මෙම ස්ථානයෙන් නොයන බවයි.

ඒ අවස්ථාවේදි ජේ.ආර්. ජයවර්ධන සමග එතැන සිට ඇත්තෙ ජනාධිපති ලේකම් පී.බී. මැණික්දිවෙල, මන්ත්‍රි වීරසිංහ මල්ලිමාරච්චි සහ රන්ජන් විජේරත්න යන තිදෙනාය. එහිදි ඇති වු සංවාදය දුර දිග ගොස් අලුවිහාරේ මහතා කෝපයට පත්වී ජේ.ආර්ටත්, රන්ජන්ටත් ගහන්නට ඔවුන් අසලට ගියේය. 

ඒ අවස්තාවේදි ජේ.ආර්. තමන්ගේ ඇස් ලොකු කරගෙන යකෙකු මෙන් අලුවිහාරේ මහතා දෙස බලා සිටි බවත් තමන්ද එලෙස ඔහු දෙස රවා බලාගෙන සිටියදි, " ගැහුවොත් හිරේ යන්ට වෙයි " කියා ජේ.ආර්. කී බවත් ඔහු මතකයට නගා තිබිනි.

එහිදි තමන් හිරේ යන්නට බිය නැති බවත් තමා දින 13 ක් බෝගම්බර හිරගෙදර සිටි බවත් ජේ.ආර් ට මතක් කර දුන් බවද අලුවිහාරේ මහතා පවසා තිබිණි. 

පසුව ජේ.ආර්. " ඇලික්ගේ ප්‍රශ්නය නිරාකරණය කරන්නැයි" මැණික්දිවෙල මහතාගෙන් ඉල්ලා ඇත. එහිදි සොරකම් කළ වතු අධිකාරිවරයාගේ වැඩ තහනම් කර අලුවිහාරේ මහතාගෙ පුත්‍රයා එහි වතු අධිකාරි තනතුරට පත්කර ඇතත් අලුවිහාරේ රංජන් නොමනාපය දිගටම පැවතිනි.
 
ඇලික් අලුවිහාරේ 

 





Post a Comment

0 Comments