දෙවැනි ලෝක යුද්ධය අධිරාජ්‍යවාදීන්ගෙ යුද්ධයක් බව ලංකා සම සමාජ පක්ෂය තීරණය කළේය. ජනතාව යුද්ධයට විරුද්ධව පෙළ ගස්වන්නට උත්සහ කිරීම නිසා එවකට මෙරට පැවති බ්‍රිතාන්‍ය යටත් විජිත ආණ්ඩුව සමසමාජ නායකයින් සිරබාරයට ගත්තේය. ආණ්ඩුකාර කැල්ඩිකෝට් විසින් 1940 ජූනි 18 වන දින සිරභාරයට ගැනීමට නියමිත අයගෙ ලැයිස්තුවක් කල් ඇතිව රාජ්‍ය මන්ත්‍රණ සබාවට දන්වා තිබිණි. 1942 අප්‍රේල් 5 වන දින ජපන්නු කොළඹට බෝම්බ දැමු අතර ඒ වන විටත් එන්.එම් පෙරේරා, පිලිප් ගුණවර්ධන සහ එඩ්මන්ඩ් සමරක්කොඩි සිටියේ සිර ගෙදරය.
පැසිස්ට් කඳවුරේ ජපන්නු ලංකාවට බෝමබ හෙලන මුවාවෙන් සිර ගෙයි සිටි දේශපාලන නායකයින් මරාදැමීමට සැලසුමක් ඇති බව තොරතුරු දැනගන්නට ලැබිම නිසා සමසමාජ නායකයින් සිරගෙයින් පැනීය. ආචාර්ය විශ්වනාත් යන නමින් එන්.එම්. පෙරේරා ඉන්දියාවේ බැංකුවක ලේකම් තනතුරක් ලබාගත්තේය. පිලිප් ගුණවර්ධනත් සහ ඔහුගෙ බිරිද කුසුමා ගුණවර්ධනත්, රොබට් ගුණවර්ධන, හෙක්ටර් අභයවර්ධන යන සම සමාජ නායකයනුත් ඉන්දියාවට ගොස් මෙම පිරිසට එක්ව සිටියහ. ඒ වගේම ඔවුන්ට ඉන්දියානු විප්ලවවාදි කන්ඩායම්වල සහයද තිබිණි.
බොම්බාය නගරයේ මහල් නිවසක් කුලියට ගෙන මෙම ආගන්තුක පිරිස නවාතැන් ගත්තෝය. රගවන් කොඩියල් නම් ඉන්දියානු ජාතිකයෙක්ද ඔවුන් සමඟ විසීය. ඔහු හදුන්වනු ලැබුවේ ප්‍රකට ඉන්දියානු කවියෙකු වු කබීර් නමිනි. මෙහිදි එක් විශේෂි දෙයක් සිදුවිය. එනම් පිලිප්ගෙ බිරිය කුසුමාට සිය කුලුදුල් දරුවා ලැබීමය. ඉන්දියාවේ උපන් පුතුට ' ඉන්දික ' යන නම ද තැබීය.
රහස් විප්ලවකාරීන් පිරිසක් බොම්බායෙ නිවෙසක සැඟව සිටින බව ඉන්දීය පොලිසියට තොරතුරක් ලැබෙන විට ඉන්දිකගේ වයස මාස දෙක තුනක් පමනය. ඉන්දීය බුද්ධි අංශ තමන් ලුහුබදින බව දැනගත් පිරිස තැන් මාරු කිරීමට තීරණය කලේය. නමුත් එම තීරණය ප්‍රමාද වි තිබිණ.
1943 දි එන්.එම්.පෙරේරා අල්හබාද් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තනතුරකට ඉල්ලුම් කර තිබින. ඒ සදහා එදින එන්.එම්. පෙරේරා එම තනතුරෙහි සම්මුඛ පරීක්ෂනය සදහා නිවසෙන් උදයෙන්ම පිටව ගියේය.
පිලිප්, කුසුමා, ඉන්දික සහ හෙක්ටර් නිවසේ සිටියෝය. උදේ 7.00 පමන කිසිවෙකු දොරට තට්ටු කරන හඬ ඇසීමෙන් කබීර් සිතුවේ ඒ කිරිකාරයා ඇවිත් ඇතැයි ලෙසය. කෑම පිලියෙල කරමින් සිටි ඉරියව්වෙන් කබීර් දොර ඇරිය අතර රිවෝල්වරය තමන් වෙත දිගුකරගෙන සිටි ඉන්දීය පොලිස් භටයෙක් කබීර්ට දක්නට විය. සන්නද්ද භට පිරිසක් නිවස වටලා සිටියෝය. නිවෙස දැඩි සෝදිසියකට ලක් කල නමුත් ඔවුන් අපේක්ෂා කල පරිදි කිසිදු අවි ආයුධයක් හමු නොවිය. ඇත්ත වශයෙන්ම ඔවුන් සතුව ආයුද තිබුනේද නැත.
පොලිස් කන්ඩායමේ නායකයා " නුඹේ නම කුමක්දැයි " කබීර්ගෙන් විමසු අතර, "කබීර්" යනුවෙන් ඔහු පිළිතුර දුන්නේය. "ෂඃ හොද කවියෙකුත් ඉන්නවා " යැයි පොලිස් නිළදාරියා සමච්චල් හිනාවක් දැම්මේය.
පිලිප් ගුණවර්ධන, කුසුමා ගුණවර්ධන සහ හෙක්ටර්ද මාස කිහිපයක් වයසැති ළදරු ඉන්දිකද අත්අඩංගුවට ගන්නා ලදි. එදිනම ඔවුන් ඔහු වැඩ කල බැංකුව මාර්ගයෙන් එන්.එම්. පෙරේරාවද අත්අඩංගුවට ගත්තේය. ඉන්දියාවේදි ප්‍රශ්න කර සියලු තොරතුරු තහවුරු කරගත් පසු ශ්‍රි ලාංකිය විප්ලවකාරීන් ලංකාවේ යටත් විජිත ආන්ඩුවට භාර දෙන ලදි.
- මව්බිම

0 Comments