ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක සම්ප්‍රදායන් සහ හා ඒවායේ විටිනාකම නොදත් කිහිපදෙනෙකු නිසා වර්තමානය වන විට පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් බවට පත්වී හමාරය.
පාර්ලිමේන්තුවේදි විරෝධය පාන්නෙ නම් එය කළ හැක්කෙ කෙසේදැයි ඔවුහු නොදනිති.වර්තමානය වන විට පාර්ලිමේන්තුව තුල ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මහජන නියෝජිතයන් ගුටිකෙලිවල යෙදෙමින් කාලය සහ ධනය කා දමමින් සිටි.විටෙක පිහි අරන් දඟලන අතර තවත් විටෙක මිරිස් කුඩු දැමු වතුරෙන් මන්ත්‍රිවරුන්ට පහර දෙමින්ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පොත් පත් වලින් පවා පහර දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනිම උදෙසා මහත් වෙහෙසක් ගනිමින් සිටි.කතානායකතුමාට ගරුත්වයක් නොදක්වන සමහරු කතානායකගෙ පුටුවට වතුර හලන්නෙ පොඩි ළමුන්ගෙ ක්‍රියාකලාපයන් ඉස්මතු කරමිනි.කුඩා කල පාසල් ළමුන් ගත් මෙවනි හාස්‍යජනක උත්සහයන් අද මොවුන් මෙවනි උත්තරීතර සභාවක් තුල ගන්නෙ කුඩා කල පාසල් අධ්‍යාපනය නොලද නිසාවෙන් බව මනාවට ඔප්පු වේ.තවත් විටක කතානායකගෙ පුටුව උස්සා දුවයන මන්ත්‍රිවරුන්ද,කොළ කෑලි ඉරා අශීලාචාර විදිහට හැසිරෙන මන්ත්‍රිවරුන්ද අද පාර්ලිමේන්තුව තුල දැක ගත හැක.මේ බොහෝ දෙනා ආණ්ඩු පක්ෂේ නියෝජනය කරන උගත් බුද්ධිමත් යැයි සිතන ඇමති මඩුල්ලක් වීමද තවත් සුවිශේෂි කරුනකි.එසේම මේ පාර්ලිමේන්තුවේ තත්වය අශීලාචාර සහ අප්‍රසන්න බව ගැලරියෙ සිට සජීවිව මේ දර්ශන බලා සිටි පිටරට විද්වතුන් අදවන විට ලොව හමුවේ දිගහැර හමාරය.
පාර්ලිමේන්තු ඉතිහාසය තුලද ගැටුම් ඇති වි ඇති අතර මෙවනි අසෝභන ආකාරයේ සිදුවිම් නම් අල්පය.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙ වරප්‍රසාද,බලතල නිශ්චය කොට දැක්වීම පිණිසත් භාශණයේ සහ විවාධ කිරිමේ නිදහස ආරක්ෂා කිරිම පිනිසත් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරිම සම්බන්ධයෙන් දඩුවම් පැනවීමට සහ විධි විධාන සැලැස්වීමටත් 1952 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද ) පනත සම්මත කර තිබේ.
එහෙත් වත්මන් පාර්ලිමේන්තුව මේ කිසිදු නීතියක් භාවිතයට නොගන්නා නිසා සෙංකෝලය ඩැහැගැනිම සහ මුලින් කි අශීලාචාර වැඩ කිරිමට පෙළඹි සිටිම ජුගුත්සාජනකය.
පාර්ලිමේන්තු සැසිය ආරම්භයේ කතානායකවරයා මුලාසනාරූඨ වු වහාම වේත්‍රදාරි විසින් සෙංකෝලය සභා මේසයෙහි පලමුවන කත්තුවෙහි රඳවයි.සෙංකෝලය කතානායකවරයාගෙ බල අධිකාරියෙහි සංකේතය වන්නේය.පාර්ලිමේන්තුවේ සෑම රැස්වීමක්ම පැවෙත්වෙන්නෙ පළිගු කේතුව ආණ්ඩු පක්ෂය දෙසට යොමුවන සේ පලමුවන කත්තුවෙහි තබන ලද සෙංකෝලය ඇතිවය..
එය නොමැතිව පවත්වන කිසිදු පාර්ලිමේන්තු සභාවාරයක් රීත්‍යානුකුලව ස්ථාපිත නොවේ.පාර්ලිමේන්තු කාරක සභාවක් බවට පත්වි කථානායකවරයා මුලසුනෙන් ඉවත්ව මහලේකම්ගෙ අසුනට පැමිනි විට සෙංකෝලය දෙවැනි කත්තුවෙහි රැඳවේ.
• සෙංකෝලයෙ අතීත කතාව
වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අපට බ්‍රිතාන්‍යයන් ලැබුනා සේම සෙංකෝලයද ලැබුනේ බ්‍රිතාන්‍යයෙනි.1949 ජනවාරි 11 සෙංකෝලය සහ කථානායක පුටුව රැගත් බ්‍රිතාන්‍ය නියෝජිත පිරිස මෙහි පැමිණ තිබේ.එම පිරිසෙ ප්‍රධානියා වුයේ මහාමාන්‍ය මේජර් මිල්නර් මහතාය.
එදා ලංකාවට පැමින සෙංකෝලය භාරදුන් මිල්නර් මහතා පාර්ලිමේන්තුව අමතා කළ කතාව මෙසේ ය.
ගරු කථානායකතුමනි,
ඔබගේ දේශයේ ඉතිහාසයත් සම්ප්‍රදාය හා සංස්කෘතියත් බොහෝ දුරට මූර්තිමත් කරන මේ සෙංකෝලය,බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රි මණ්ඩලය වෙනුවෙන් මම දැන් ඔබගෙ වේත්‍රදාරිගෙ භාරකරත්වයයට පවරා දෙමි.මේ පැවරීම සිදුකරන්නෙ සෙංකෝලය ලක්වැසි ජනතාව විසින් මේ ගරු සභාවට පැවරුණු ගරුත්වයක් , බලයක් පිළිබඳ සංකේතයක් වශයෙන් පවත්නා පිණිසය.ස්වාධින පාර්ලිමේන්තුවක් නිදහසේ සිය විවාධ පැවැත්වීමට රැස්ව සිටින බව දක්වන සලකුනක් වශයෙන් පවත්නා පිණිසය.
මේජර් මිල්නර්ගෙ කතාවෙන් පසු සභානායක ඇස්.ඩබ්ලිව්.ආර්.ඩි.බණ්ඩාරනායක මහතා විසින් ස්තුති යෝජනාවක් ඉදිරිපත් කරන්නට විය.එහිදි හෙතෙම මෙසේ පැවසීය.
"අප දෙරටේ නව සබඳියාව සංකේතවත් කරනු පිනිස අද මෙහිදි පිරිනැමුනු කථානායක ආසනයටත්,සෙංකෝලයටත් වඩා උචිත අනෙක් ත්‍යාගයක් බ්‍රිතාන්‍යයෙන් අප වෙත පිරිනමනු හැකි නොවනවා ඇත යන්න අප කාගෙත් කලපනාවය."
පොදුවේ සමස්ත පාර්ලිමේන්තුවේත් විශේෂයෙන් කථානායකවරයාගෙත් බලයත් අධිකාරියත් සංකේතවත් කරන ඓතිහාසික කකුධ භාණ්ඩයක් වන සෙංකෝලය සභා මේසය මත ඇතිව නියෝජිත මන්ත්‍රි මන්ඩලය රැස්වි කටයුතු කළ ප්‍රථම අවස්ථාව එය වුයේය.
අද වර්තමානය වන විට පාර්ලිමේන්තුවට ගොස් ඇති මහජන නියෝජිතයන් පාර්ලිමේන්තු ඉතිහාසයවත් නොදන්නා හරිහැටි අධ්‍යාපනයක්ද නොලඳ පිරිසක් බව ලොවටම හෙලිවි හමාරය.

0 Comments