ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

Parliament of Sri Lanka

ශ්‍රි ලංකාවාසි ජනතාවගේ ඡන්දයේන පත්වන මන්ත්‍රීන් 196 දෙනෙකු ලංකා පාර්ලිමේන්තුවේ අසුන්ගනි. මෙහි විශේෂත්වය වන්නෙ මෙම මන්ත්‍රින් සංඛ්‍යාව වෙනස් නොවීමයි. 1978 වනතුරු බලපැවැත්වු ව්‍යවස්ථාවන් යටතේ සෑම ජන සංගනනයකට පසුවම නැවත මැතිවරණ කොට්ඨාස බෙදා වෙන් කිරීමක් කරන ලද බැවින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රි සංඛ්‍යාව ජනගහනයේ වර්ධනයත් සමග ක්‍රමයෙන් වර්ධනය විය. 1947 දි ලංකා පාර්ලිමේන්තුවේ  අසුන් ගත්තෙ ( ඡන්දයෙන් ආ මන්ත්‍රින් ) 95 ක් පමනි. 1960 සිට ඒ තුල මන්ත්‍රිවරු 145 දෙනෙකුද, 1977 සිට මන්ත්‍රිවරු 168 දෙනෙකුද අසුන් ගත්හ. එහෙත් අනාගතයේ එම සංඛ්‍යාව 196 ක් වශයෙන් නොවෙනස්ව පවතිනු ඇත. මහ මැතිවරණයකින් තෝරා පත් කෙරෙන පාර්ලිමේන්තුවක ආයු කාලය වසර 5 කි. මේ කාලය තුලදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබේ.

අපගේ නව පාර්ලිමේන්තුව ඒක මණ්ඩල සභාවකි. සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව මගින් මෙරට පිහුටුවන ලද පාර්ලිමේන්තුව ද්විත්ව සභාවක් විය. සොල්බරි ව්‍යවස්ථාව යටතේ ද්වීතිය මන්ත්‍රි මන්ඩලයත් නොහොත් සෙනෙට් සභාවක් පිහිටු වුයේ කරුණු 4 මුල් කරගෙනයි.

1) මහජන මන්ත්‍රි මණ්ඩය ඉදිරිපත් කරන පනත් කෙටුම්පත් නැවත සලකා බැලීමට.

2) සුලු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට.

3) නීති සම්පාදනයෙහිලා උපදෙස් ලබාගත හැකි රටේ වැදගත් ප්‍රභූවරුන්ට සහ විශේශඥවරුන්ට පාර්ලිමේන්තුව තුල නියෝජනයක් ලබාදීමට.

4) වෙනත් ඩොමිනියන් රාජ්‍ය වලත් එවැනි ද්වීතිය මන්ත්‍රි මන්ඩල තිබිම.

මෙහි සදහන් වු පළවෙනි අරමුණ ලංකා සෙනෙට් සභාවේ ක්‍රියාකාරිත්වය තුලින් ඉටුවීම දක්නට නොලැබුනි යම් පනත් කෙටුම්පතක් අරභයා නියෝජිත මන්ත්‍රි මණ්ඩලය ඉදිරිපත් කළ අදහස් සෙනට් සභාව තුල නැවත ප්‍රතිරාවය  වීම බොහෝවිට දක්නට ලැබුන තත්වයක් විය. ප්‍රංශ ආණ්ඩුක්‍රම විශේශඥ අබේසියස් සෙනට් සභා ක්‍රමය පිලිබද ඉදිරිපත්කළ විවේචනය ලංකාව සම්බන්ධයෙන් වඩාත් සාධාරනනය වු බව පෙනි යයි. ඔහු කීවේ පහල සභාව සමග නිතර එකඟවන්නා වු උත්තර මන්ත්‍රී මණ්ඩලය අනවශ්‍ය ආයතයක් බවද එම සභාව සමග නිතර ගැටෙන උත්තර මන්ත්‍රි මණ්ඩලය ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට අභියෝග එල්ල කරන්නාවු භයානක ආයතනයක්ද බවයි. වර්තමානය වනවිට රාජ්‍යවලට හැර ඒකිය රාජ්‍යවලට සෙනට් සභා ක්‍රමයේ ඇති උපයෝගීතාවය ඉතා අල්ප බව පිළිගත් කරුණකි.

මෙහි දෙවන සහ තුන්වන අරමුණෙන් බලාපොරොත්තු වු අන්දමට මෙරට සුලු ජාතින්ට සහ රටට උදාර සේවයක් කළ පුද්ගලයන්ට ඒ තුල නියෝජනයක් ලබා දීම දක්නට ලැබුනේ ඉතාම අල්ප වශයෙනි. ඒ වෙනුවට මැතිවරණයෙදි පරාජිත වු ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයන්ට ඒ තුල නියෝජනයක් ලබාදීමට උත්සහ දැරීම බහුල වශයෙන් දක්නට ලැබුනි. සෙනෙට් සභාවේ 25 වසරක සේවය අගය කිරීම වෙනුවට ඒ කෙරෙහි දැඩි විවේචන සහ විරෝධතා මෙරට ජනතාව තුලින් එල්ල වුයේත් , සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවු සෙනෙට් සභාව 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරිමටත් කලියෙන්ම අවලංගු කරනු ලැබුවේත් මේ නිසාය.

Post a Comment

0 Comments