වලව්වක ඇතුලත පරිසරය
වලව්ව යනු වත්මන් නිවාස වලට වඩා බෙහෙවින්ම වෙනස් ස්ථානයකි. එහි ඇතුලත විසිත්ත කාමරයද අසමාන ස්ථානයකි. සාමාන්‍යයෙන් පරම්පාර කිහිපයකට අයත් ප්‍රභූවරුන්ගෙ ඡායාරූප, පදක්කම්, කඩු, කස්තාන ස්තූති පත්‍ර V.O.C.පිඟන් ආදි විවිද විසිතුරු භාණ්ඩ පමනක් නොව පුරාණ කොඩි වර්ග, සිය පරපුරට අයත් ධජ පතාක, පිත්තල භාජන, සේසත්, අව් අතු, මුරායුධ ආදිය වලව්වේ විසිත්ත කාමරයේ නැරඹිය හැකි විය.
ඉංග්‍රීසින් යටතේ රාජ සේවය කළ නමුත් ඔවුන් ඉංග්‍රීසින්ට විරුද්ධ දේශප්‍රේමින් පිරිසක් බැව් සමහර වලව් පිලිබද පර්යේෂන කරද්දි හෙලිවේ. උදාහරණයක් ලෙස මඩුවන්වල වලව්ව දෙස අවධානය යොමු කරන විට එම වලව්වේ පයට පෑගෙන තැන් වල ඉංග්‍රීසි රජවරුන්ගේ රූප සහිත පිඟන් ගඩොල් හෝ පැරණි පිඟන් සවි කර තිබිම හොදම නිදසුනකි.
වලව්වේ නිර්මාතෘවරුන් ගේ පරපුරට අයත් කොඩිවලින් වලව් කිහිපයකම බිත්ති සරසා ඇත. නිල්ගල වලව්වේ මුරුණ්ඩ රාජවංශික කොඩිය, මහා කප්පින වලව්වේ නන්එදිරි කොඩිය, කැප්පෙටිපොළ වලව්වේ ඌවේ හංසයා කොඩිය, ඉර හඳ කොඩිය, මාතර ඉලංගකෝන් වලව්වේ කොඩිය, දොන් කොස්මො විජයසේකර මුදලිඳු ගේ රාවණා කොඩිය මේ විශේෂත්වයක් ගනිති.
ගල්කොටුවේ රාල නමැති ප්‍රභූවරයා විසූ මාරඹේ කන්ද වලව්ව ඓතිහාසික සබරගමුවේ තවත් සුවිශේෂ ස්ථානයකි. රට දැය සමය සුරැකීමට වෙහෙසුන මාරඹේ වීරසිංහ ප්‍රතිරාජයානන්ගේ පරපුරට අයත් මාරඹේ කන්දේ වලව්ව ඉපැරණි අංගෝපාංගයන්ගෙන් යුත් ඓතිහාසික ස්ථානයක් ලෙස ගම් වැසියන් සලකති.
.png)
0 Comments