ගෘහ නිර්මාණ ශිල්පය 

ගෘහ නිර්මාණ කිහිපයකින් යුත් වලව් රැසක් අප රට තුල දක්නට ලැබේ.ආන්ද්‍ර දේශිය ක්‍රමයට ගොඩනංවා ඇති වලව් කිහිපයක් මෑතක් වන තුරු අප රට තුල දක්නට ලැබුනි. ඒ පැරණි වලව් පැවති ස්ථාන වල අද දක්නට ලැබෙන්නෙ අලුත් වලව්ය, එසේත් නැතිනම් සංචාරක හෝටල්ය. පුරාණ ලන්දේසි ගෘහ නිර්මාණය අනුව ගොඩනැගු වලව් කිහිපයක් දකුණු පළාතේ ඇත. ඉංග්‍රීසි ගෘහ නිර්මාණ අනුව සකස් කළ වලව් ද, වරින් වර පැරණි මුහුණ වෙනස් කළ වලව් රැසක් ද දක්නට ලැබේ. පෝටීකාව ( Car Porch ) යනු සෑම වලව්වකම අත්‍යාවශ්‍ය අංගයක් ලෙස එදා සලකා ඇති බැව් කිව යුතුය. වර්ෂා දිනයකදි මෝටර් රියෙන්, අශ්ව කරත්තයෙන්,බක්කි කරත්තයෙන් හො තිරික්කලෙන් ඉතා පහසුවෙන් වලව්වට ඇතුළු වීමට පෝටීකාව ආධාර වේ.

හෙළ රජසමයේ  නිවෙස්වල උළු සෙවෙලි කිරීමට රාජ්‍ය අවසරය ලැබිය යුතුව තිබුණි. රාජ මුද්‍රාව ගැසු තඹ උළු කැටය ගෙහිමියාට ලැබීමෙන් අනතුරුව නිවසේ උළු සෙවලි කරනු ලැබේ.

මැද මුදල, සේවක සේවිකාවන්ට හිදීමට කුඩා නිවාස දෙකක් හො තුනක්, වී අටුව, රිය ගාල, අශ්ව ගාල සහ කුක්කන් මඩුව යනු සෑම වලව්වකම තිබෙන ප්‍රධාන අංගෝපාංගයන් වේ. ඇතැම් වලව් සංකිර්ණයට කුඩා නිවාස රැසක් ද ඇතුළත් වේ.

ඇතැම් වලව්වල මුලික වෙනස්කම් නොකර අලුත් වැඩියා කිරිමට පමනක් කොන්දේසි පනවා ඇත.